Colombo Today Local News

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි. 
 
 දෛනිකව වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිතයින් දකුණු කොරියාවේ සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බවත් , පෙරේදා (20) දිනයේදී  පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙම ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ලාංකිකයින් දැනුවත් කිරිමට තීරණය කළේ යැයිද  දකුණු කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති  කාර්යාලයේ කම්කරු සුබසාධන උපදේශක සෙනරත් යාපා මහතා පැවසීය.

මේ වනවිට රැකියා සඳහා මෙන්ම සංචාරයන් සඳහා පැමිණි 25,000ක පමණ ශ්‍රි ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ රැඳී සිටින බවද එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
 
ඒ අනුව වෛරස ව්‍යාප්තියේ අවදානම පිලිබඳ ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ශ්‍රි ලංකා තානාපති  කාර්යාලයේ කම්කරු සුබසාධන උපදේශකවරයා වැඩිදුරටත් කීය.
 
වෛරස ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින එරට ඩේගු සහ චිඔන්ග්ඩෝ නගර විශේෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමටද දකුණු කොරියානු බළධාරීන් පියවර ගෙන ඇත. මෙම වෛරස ආසාදිතයින් සැලකිය යුතු මට්ටමින් ඉහළ යාම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද දකුණු කොරියානු රජය පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
මේ වනවිට එරටින් ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පෙරේදා (20) දිනයේ කොරෝනා ආසාදිත පළමු මරණය ද වාර්තා වී තිබුණි.

Related posts

“විපක්ෂ නායකකම ඒකාබද්ධයට ඕන“ – මහින්ද දැඩි ස්ථාවරයක

colombotoday

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday

ගෝඨගේ ටී පාටියටත් වඩා වියදම් වුණ අනුරගේ ටී පාටිය

Admin

වෛද්‍යවරු රජයට සතියක් කල් දෙයි !!

colombotoday

වම්බටු ගෙඩි 4ක් රු 100යි.. සියළුම එළවලු තොග කිලෝව රු 100 පනී !

colombotoday

කුඩු කිලෝ 6යි උණ්ඩ 19යි කැබෑවේ කුඩු තිත්පොළ වටලයි…

colombotoday