Colombo Today Local News

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

අධිකරණ නියෝග කඩ කිරීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ රිමාන්ඞ් භාරයේ සිටි ආර්ථික කර්මාන්ත හා සමාජ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනකු රුපියල් ලක්‍ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය ඊයේ (16 දා) සවස නියෝග කළාය.

මතුගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් මගින් තහනම් කළ තෙබුවන ගල්කන්දගොඩ ප‍්‍රදේශයේ ඉඩමක මළ සිරුරක් වළ දමමින් අධිකරණ නියෝග කඩ කිරීම, අධිකරණයට අපහාස කිරීම, අධිකරණ නියෝගය භාරදීමට ගිය තෙබුවන පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පසුගිය 10 දා නියෝජ්‍ය ඇමැතිවරයා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

ඇපකරුවන්ගෙන් එක් අයකු මතුගම අධිකරණ බල ප‍්‍රදේශයේ අයකු විය යුතු බවටත් දෙසැම්බර් 10 දා නැවත නඩුව විභාගයට ගැනීමටත් මහෙස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. අධිනීතිඥ ගාමිණී නල්ලපෙරුම, සුනෙත් හපුහෙට්ටි, පුෂ්පකුමාර අමුගොඩ යන මහත්වරුන් ඇතුළු නීතිඥ පිරිසක් නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූහ.

Related posts

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

colombotoday

පාඨලී අත්අඩංගුවට ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා – කතානායකගෙන් නිවේදනයක්

colombotoday

පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගැසීමේ වරද කුමක්ද? මිරිස්කුඩු තහනම් භාණ්ඩයක්ද?- ප්‍රසන්න රණවීර අසයි

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday

සිවාජිලිංගම් සහ හිස්බුල්ලා ඇප තබති. – මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන්. 41ක් ඇප බඳිති

colombotoday