Colombo Today Local News

තෙල් මිළ අඩු නොකළොත් පාරට බහිනවා !

ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව මෙරට තෙල් මිල සියයට 41 කින් අඩු නොකළොත් ආණ්ඩුවට එරෙහිව ජනතාව සමග පාරට බසින බව සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස ඊයේ (10 වැනිදා) ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 36.89 දක්වා සියයට 41 කින් අඩුවී ඇතැයි කී සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රතිශතයෙන්ම මෙරට ඉන්ධන මිල අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව කීය.

දැනට රුපියල් 161.00 ක්ව පවතින ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 94.00 කටද, රුපියල් 132.00 කට අලෙවි කරන සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 77.45 කට සහ සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 104 සිට රුපියල් රුපියල් 61.00 ක් දක්වා අඩු කළ හැකි බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 137.00 සිට රුපියල් 80.00 දක්වාද, භූමිතෙල් ලීටරයක් රුපියල් 70.00 සිට රුපියල් 40.00 දක්වා අඩු කළ හැකි බවද කී සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස දැනට රුපියල් 1493.00 ක්ව පවතින ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000.00 දක්වා අඩුකළ හැකියැයිද පැවැසුවේය.

වර්තමාන ආණ්ඩුවට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැති නිසා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පොදු ජනතාවට ලබා දීමට අපොහොසත්ව ඇතැයිද හෙතෙම කීවේය.

රජයට හිතක් පපුවක් ඇත්නම්, පොදු ජන හද ගැස්ම හඳුනනවා නම් වහා තෙල් මිල අඩු කළයුතු බව කී හෙතෙම එම අඩුකිරීම ජාත්‍යන්තර වෙළඳපොලේ මිල අඩු වීමට සාපේක්ෂව ලබා දියයුතු බවද කීය.

යම් හෙයකින් ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළොත් එය කරන්නේ විපක්ෂයේ බල කිරීම මත බවද, තමන් පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේදීද ඉන්ධන මිල අඩු කරන්නැයි ප්‍රකාශයක් කළ බවද කී සජිත් ප්‍රේමදාස සියයට 41 කින් ඉන්ධන මිල අඩු නොකර සොච්චම් අඩු කිරීමක් කළහොත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඊට එරෙහිව ජනතාව සමග අරගල කරන බවද කීය.

Related posts

කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්

colombotoday

ආනවිලුන්දාව ඩෝසර් කිරීම ගැන ව්‍යාපාරිකයා කූඩුවේ සිට වමාරයි.. පසුබිමේ සිටි ප‍්‍රබල දේශපාලනඥගේ සොහොයුරා මාට්ටුයි

colombotoday

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday

මුස්ලිම් ජාතිකයින්ට වැළලෙන්න ඉම්රාන් ඛාන්ගේ සහය පතයි

colombotoday

“ජන අරගලයට හිසක් පාර්ලිමේන්තුවට හදවතක්” – මහින්ද ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන

colombotoday

දුරකතන ආරවුලකට තරුණයකුගේ පපුවට පිහියෙන් ඇන ඝාතනය කරයි

Admin