Colombo Today Local News

ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 25ක් මෙරටට ගන්න ඉන්දීය රජයෙන් ඉල්ලීමක්

ත්‍රීකුණාමලයේ පිහිටි ඉන්දියාව සතුව පවතින තෙල් ටැංකි 25ක් ශ්‍රී ලංකා රජයට ලබාගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් අදාළ ඉල්ලීම සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල පහත වැටී ඇති අවස්ථාවේ ඉන්ධන මිල දී ගෙන ගබඩා කිරීමේ පහසුකම් නොමැතිවීම ශ්‍රී ලංකා රජයට ප්‍රධාන ගැටලුවක් වී තිබේ.

එම නිසා ත්‍රීකුණාමලයේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගම සතුව පවතින තෙල් ටැංකි 25ක් පමණ ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අදාළ ඉල්ලීම සිදුකිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ඉන්දීය මහකොමසාරිස් ගෝපල් බාග්ලේ මහතා හමුවීමට තීරණය කර ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Related posts

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

ප්‍රසංගයක් අවසානයේ ගැටුමකින් 4ක් රෝහලේ…

Admin

ජනපතිට එරෙහිව එක්නැළිගොඩ බිරිය ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday

මුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාට

colombotoday

සෞඛ්‍ය ඇමතිගෙන් අජිත් රෝහණට තවත් වගකීමක්

colombotoday

ඇඹිලිපිටියේදී පාසල් සිසුවියක් පැහැරගෙන

colombotoday