Colombo Today Local News

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට අඩුවෙයි

අද (01දා) සිට තම සංගමයට අයත් ත්‍රිරෝද රථවල ගාස්තුව අඩුකර රජය ලබාදුන් බදු සහනය ජනතාවට ලබාදෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

මේ අනුව මෙතෙක් පළමු කිලෝමීටරයට අය කළ රුපියල් හැටක ගාස්තුව රුපියල් පනහ දක්වා රුපියල් දහයකින් අඩු කරන බවත්, දෙවැනි කිලෝමීටරය ඇතුළු එතැනින් පටන්ගන්නා සෑම කිලෝමීටරයක් වෙනුවෙන් අය කළ රුපියල් හතළිස් පහක මුදල රුපියල් හතළිහ දක්වා රුපියල් පහකින් අඩු කරන බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.

රජය ලබාදුන් බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල පහළ ගොස් තිබෙන බවත්, මේ අනුව එම වාසිය ජනතාවට ලබාදීමට මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.

Related posts

සියලු විශ්වවිද‍්‍යාල අද සිට යළි විවෘතයි

colombotoday

ආණ්ඩු විරෝධීන් හිරකිරිමේ උගුලක්… මහින්ද අනතුරු අගවයි

colombotoday

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

සහරාන්ට අරමුදල් සැපයූ සිංගප්පූරු ජාතිකයෙක් අත්අඩංගුවට

colombotoday

කොටින්ගේ ඡායාරූප හා වෙනත් ක්‍රියාදාමයන් සංරක්‍ෂණයට සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ කිලිනොච්චියේ ඉදිවේ

colombotoday

රන්ජන් තනි සිරකුටියක රඳවයි

colombotoday