Colombo Today Local News

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

ශ්‍රි ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ දර්ශන ඇතුළත් සී.ඩී පට 30ක් සමඟ සැකපිට මාතලේ රෝහලේ කණිෂ්ඨ සේවකයකු අද (16) අත්අඩංගුවට ගත් බව මාතලේ රෝහල් පොලිසිය කියයි.

සැකකරු මාතලේ උකුවෙල වරකාමුල ප්‍රදේශයේ පදිංචි බවත් මාතලේ දිසා රෝහලේ සේවයෙහි නියුතු පුද්ගලයකු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සී.ඩී පට සමඟ මහම්මත්තුමාගේ සහ යේසුස්වහන්සෙගේ රුව ඇතුළත් පොත් කිහිපයක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

මාතලේ රෝහල් පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරු රැඳී සිටි රෝහල් කාමරයක තිබි මෙම සී.ඩීපට සහ පොත් සොයා ගත් බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතලේ මුලස්ථාන පොලිසිය සිදු කරයි.

Related posts

මැතිවරණය වළක්වන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම යළි කැඳවීම 23 වැනිදා..

Admin

ස්විස් තානාපති හත්පොලේ ගා ගනී… පැහැරගැනීමේ නාටකයේ සියල්ල හෙළිවෙයි !

colombotoday

නිධන් හාරන්න ගිය තිදෙනෙක් මාට්ටු

colombotoday

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday

ගෝඨාභයට එරෙහිව රීට් පෙත්සමක්

colombotoday

ශ්‍රීලනිප ප්‍රධාන කාර්යාලය වසා දමයි

Admin