Colombo Today Local News

තව්හිද් ත්‍රස්ත කල්ලිය පිටුපස සිටි තවත් භයානක පුද්ගලයෙක්… රට පනින්න පෙර අත්අඩංගුවට ගන්න (Video)

බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් පාස්කු ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන්ට උදව් කල ඉස්ලාම් අන්තවාදී පිරිස් පිලිබඳ කරුණු රැසක් හෙලිදරව් කළේය.

ඒ අනුව මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාලයක හිමිකරුවෙකු වන මුස්තාපා අබ්දුල් රහ්මන් නමැත්තා අන්තවාදී ඉගැන්වීම් වෙනුවෙන් ඍජුව මුදල් වියදම් කරමින් සහය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය කළ ඥානසාර හිමියන් ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශවලින් දැඩි ඉල්ලීමක් සිදුකළේය.

රටින් පැන යන්න හදන වේලාවේ දී නැගෙනහිර පළාත්සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරුක් නැමැත්තා හා අබ්දුල් රහුමාන් යන අය ඔහුට උදව් කළ බවත් පැවසු උන්වහන්සේ යහපාලනය සඳහා ජාතික පෙරමුණ නමින් මොවුන් විශ්වවිද්‍යාලයක හිමිකරුවෙක් මෙන් පෙනී සිටින බවත් සඳහන් කළේය.

සෞදි අරාබියානු බුද්ධි අංශ ප්‍රධානීන් ලංකාවේ වහබ් වාදය ඇති කිරීම ගැන වෙනමම වැඩපිළිවෙලක් දියත් කර ඇතැයි එහිදී ඥානසාර හිමියන් පැවසීය.

එහිදී ඔවුන් එක් නායකයෙක් සාදන්නේ නැති බවත්, නායකයෝ ගොඩක් සාදන බවත් පැවසු උන්වහන්සේ වෛද්‍ය අබ්දුල් රහුමාන් නැමැත්තා ත්‍රස්ත ප්‍රහාරය සිදු කල සහරාන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බව ද පැවසීය.

මෙය සොයා බැලිය යුතු බවත් පැවසු ඥානසාර හිමියන් කටාර් රාජ්‍ය සමඟ මෙම පුද්ගලයාට ඇති සම්බන්ධකම් ගැන සොයා බැලිය යුතු බව ද ඥානසාර හිමියන් කියා සිටියේය.

Related posts

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමේ වගකීම හිටපු ජනපති සිරිසේන පැහැර හැරියා – රුවන් විජේවර්ධන

colombotoday

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනපති හමුවෙයි

colombotoday

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

අපේ මුහුදු සීමාවේ නැවක් කැරකි කැරකි තියෙනවා – නලින්ද ජයතිස්ස

colombotoday

නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයකටද

Admin