Colombo Today Local News

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනෙකු පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23)දින දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වන මහින්ද අමරවීර,ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් ද,මීට පෙර කැබිනට් මණ්ඩලයේ සිටි පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිපදෙනකුද අද දිවුරුම් දෙන ඇමතිවරුන් පිරිසට ඇතුළත් වනු ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හැරුණුවිට කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් නව දෙනකු මේ වන විට දිවුරුම් දී ඇති අතර, අද දිවුරුම් දෙන දස දෙනාද සමඟ ඇමති මණ්ඩලය 25 දෙනකු ට පමණ සීමා වනු ඇතැයි දැනගන්නට ඇත.

Related posts

ජනපති ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමු වෙයි

Admin

කළුතරින් විදුර පෙරමුණ ගනී

colombotoday

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Admin

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday

වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයෙන් ඇද වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

කඩුගන්නාව නගරසභාවේ සභාපතිට ඇප

colombotoday