Colombo Today Local News

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී සොයාගත් හෙරොයින් කිලෝ 23 ට අදාළ පරීක්ෂණ සඳහා පොලීසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා අද (05)දින අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදීය.

ශ්‍රී ලංකාවේ සිට ජාත්‍යන්තර සමුද්‍රීය දේශ සීමාව හරහා මත්ද්‍රව්‍ය, රත්‍රන් සහ වෙනත් භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරන බවට රාමේෂ්වරම් වෙරළාරක්ෂක පොලීසියට ලද තොරතුරකට අනුව ඉන්දීය පොලීසිය සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ, එහිදී තමිල්නාඩුවට නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සහ කළ ශ්‍රී ලංකිකයෙකු තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුරුව ඔහුගෙන් ඉන්දීය පොලීසිය ප්‍රශ්න කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පළා යාමට උත්සහ කර ඇති අතර පසුව නාවික පොලිසිය විසින් ඔහු අල්ලා රාමේෂ්වරම් මැරීන් පොලිස් ස්ථානයට භාර දී ඇති බව වාර්තා වේ.

සැකකරු ශ්‍රී ලංකාවේ මොණරගල දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රදීප් කුමාර් බණ්ඩාරනායක නමැති 30 හැවිරිදි අයෙකි.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවය.

එමෙන්ම මොහු පසුගිය දෙවැනිදා සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හෙරෝයින් කිලෝග්‍රෑම් 23 එම ප්‍රදේශයට රැගෙන ගිය පොලිස් නිලධාරියා බව වාර්තා වී ඇත.

එහිදී අත්අඩංගුවටගනු ලැබුවේ ඔහුගේ සහෝදරයාය.

සැකකරු මේවන විට ධනුස්කෝඩි සමුද්‍රීය පොලිස් ස්ථානයේ රඳවා ඇති බව ද වාර්තා වේ.

Related posts

මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට අනුමැතිය

Admin

දොඩම්පහල හාමුදුරුවෝ රනිල් වෙනුවෙන් පෙරට

Admin

කඩවත ප්‍රධාන පෙලේ රෙදි අලෙවිසැලකින් කෝටි 02කට අධික මුදලක් කොල්ලකෑමට ගිය අයෙකු මාට්ටු

colombotoday

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොඩ දාන්න මාධ්‍ය මෙහෙයුමක්… NGO කිහිපයකින් මුදල් වෙන් කරයි

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin