World

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ජය ගැනීමට චීන ජනපතිගේ සහාය පතයි

දෙවනවර ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජිං පිංගේ සහය ලබාගැනීමට උත්සාහ කළ බව අමෙරිකානු හිටපු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අනාවරණය කර තිබේ.

ඔහු විසින් රචිත නවතම ග්‍රන්ථතයකින් මේ බව අනාවරණය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරත පිරිස් මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වන බැවින් අමෙරිකාවේ කෘෂි නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනිමට පියවර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් චීන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ජෝන් බෝල්ටන් අනාවරණය කර තිබේ.

පිටු 577කින් සමන්විත ජෝන් බෝල්ටන්ගේ එම ග්‍රන්ථය ලබන 23වන දා නිකුත් විමට නියමිතව තිබේ.

හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ ජෝන් බෝල්ටන් අමෙරිකාවේ 27 වන ආරක්ෂක උපදේශක ලෙස 2018 වසරේදී පත් වූ අතර වසරක පමණ කාලයක් ඔහු එම ධුරයේ කටයුතු කළේය.

Related posts

Facebook සමාව අයැදි

colombotoday

අවුන් සාන් සුකී හමුදා අත්අඩංගුවට

colombotoday

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් දැඩිසත්කාර ඒකකයට

colombotoday

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

Admin

විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට

colombotoday