27 C
Colombo
9 April 2025
World

ඩොනල්ඩ් ට්‍රම්ප්ට, මාර්ක් සකර්බර්ග්ට විරෝදය දක්වා Facebook සේවකයන් රාජකාරිවලින් ඉවත් වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතාව කුපිත කරවන ෆේස්බුක් සටහන් ඉවත් නොකිරීමට ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තීරණය කිරීමත් සමඟ එම සමාගමේ සේවකයන් අතිබහුතරයක් සිය රාජකාරිවලින් ඉවත් වී ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සටහන් ඉවත් නොකරන බවත් එය හොඳින් විමසා ගත් තීරණයක් බවත් ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මෙන්ම එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පැවැසීය.

සිය සේවකයන් සමඟ පැවැති ප්‍රශ්නෝත්තර වැඩසටහනකදී මාර්ක් සකර්බර්ග් ඒ බව පැවැසීය. විඩියෝ තාක්ෂණය ඔස්සේ එම වැඩසටහන පැවැත්විණි.

මෙවැනි අර්බුදයක් ට්විටර් සමාජ ජාලය සම්බන්ධයෙන් ද පැන නැඟුණු අතර ඒ අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප්ගේ එක් ටිව්ටර් පණිවුඩයක් ඉවත් කිරීමට ට්විටර් සමාජ ජාලය පියවර ගත්තේය. ට්විටර් සමාජ ජාලය ලෝක නායකයකුගේ මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයකුගේ ට්විටර් පණිවුඩයක් ඉවත් කළ පළමු අවස්ථාව එය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

‘‘තමන් මේ තීරණය ගත්තේ හොඳින් විමසා බලා. අපි ජනාධිපති ට්‍රම්ප්ගේ ෆේස්බුක් සටහන් ඉවත් කරන්නේ නැහැ.’’ යැයි මාර්ක් සකර්බර්ග් කීය.

ෆේස්බුක් සමාගමේ සේවකයන් සියල්ලම පාහේ එහි ප්‍රධාන විධායක නිලධාරියාගේ තීරණයට සිය විරෝධය පළ කර ඇති අතර තවත් සේවකයන් පිරිසක් ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා අස් වී ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් සතුටු නොවන බව ද මාර්ක් සකර්බර්ග් එහිදි සිය සේවකයන්ට පවසා ඇත.

පසුගිය කාලය පුරා ෆේස්බුක් සමාගම ඇතුළු සමාජ මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් විශාල පිරිසකගෙන් ඒවාට චෝදනා එල්ල වී තිබිණි. ජනතාව කුපිත කරවන, ප්‍රචණ්ඩත්වය, වර්ගවාදය සහ ජාතිවාදය පතුරන සටහන් හා පණිවුඩ ඉවත් කිරීමට එම සමාජ මාධ්‍ය ජාල පියවර නොගන්නා බවට අතිවිශාල පිරිසකගෙන් එම සමාගම්වලට චෝදනා එල්ල විණි.

ශ්‍රී ලංකාවේ ඇති වූ ඇතැම් ගැටුම්කාරී අවස්ථා සම්බන්ධයෙන් පියවර ගැනීමට ද ෆේස්බුක් සමාගම අපොහොසත් වූ අතර ෆේස්බුක් සමාගම මෑතකදී ඒ සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ද ලොවපුරා දේශපාලනඥයන්, විචාරකයන්, මාධ්‍යවේදීන් සහ ඒවායේ පරිශීලකයන්ගෙන් ද ඔහුට දැඩි විවේචනයක් හා විරෝධයක් එල්ල වී ඇත.

‘‘හොරකම් කරන්න පටන් ගත්තාම වෙඩි තියන්නත් පටන් ගන්නවා’’ යනුවෙන් ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

Related posts

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

අභ්‍යවකාශයටත් සංචාරකයින් | ප්‍රවේශ පත්‍රයක් ඩොලර් 250,000යි

colombotoday

ලිබියාවේ ගැටුම්වලින් පුද්ගලයන් 55ක් මරුට

Admin

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin