Colombo Today Local News

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

ටෙලෝ පක්ෂය වරින් වර තමන්ට ඉදිරිපත් කරන කොන්දේසි පිළිගැනීමට තමන් සූදානම් නොමැති නිසා පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයකු හැටියට දේශපාලනයේ නිරත වන බව ජනාධිපති ධුර අපේක්ෂක එම්. කේ. ශිවාජිලිංගම් මහතා පැවසීය.

 යාපනයේ වැල්වෙට්ටිතුරෙයි ප‍්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ යාපනයේදී ටෙලෝ සංවිධානයේ ලේකම්වරයා හමුවී ටෙලෝ පක්ෂයෙන් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත භාර දෙන බවයි.

 තමන් දේශපාලනයට පිවිසියේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට මිස මුදල් හම්බ කිරීමට නොවන බව කී ශිවාජිලිංගම් හිටපු මන්ත‍්‍රීවරයා ජනතාවට සේවය කිරීමට පක්ෂයක් අවශ්‍යම නැති බවද සඳහන් කළේය.

 මේ වන විට උතුරු නගෙනහිර දෙමළ වැසියන් වෙනුවෙන් කතා කිරීමට කිසිම ජනාධිපති අපේක්ෂකයකු නොමැති නිසා ඉදිරි දිනවලදී තමන් ඒ කටයුත්ත ආරම්භ කරන බවද ඔහු පැවසීය.

 දෙමළ ජාතිකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සියලූම දෙමළ දේශපාලන පක්ෂ සතුටු විය යුතු නමුත් ඔවුන් සියලූ දෙනාම දැන් තමන්ගේ කකුලෙන් අදින බවද ශිවාජිලිංගම් මහතා පැවසීය.

 ඔවුන් එසේ කරන්නේ දේශපාලනය මුවාවෙන් සල්ලි හම්බ කිරීම හා විවිධ තනතුරු ලබා ගැනීමට යෑමේදී තමන්ගේ දේශපාලන ක‍්‍රියාවන් ඔවුන්ට විශාල බාධාවක් වීම නිසා යැයි ද ශිවාජිලිංගම් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා පාලන නීති සමාලෝචනයට කාර්ය සාධක බලකාය අද රැස්වේ

colombotoday

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin

ලංකාවේ තහවුරු කළ කොවිඩ් ආසාදිතයන් 10යි

colombotoday

ජංගම දුරකථන මිල යළි ඉහළට…

colombotoday

සජිත්,රවී,නවීන්,අකිල,ගයන්ත,හරීන්,හලීම්,මනෝ වත්කම් සහ බැරකම් ප‍්‍රකාශයට පත් කර නෑ – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

colombotoday

“චෝල, මාඝ, එළාරට බැරි වුණු දේ උඹට පුළුවන් ද ???” – මර්වින් සිල්වා විග්නේෂ්වරන්ට සැරට අමතයි

colombotoday