Colombo Today Local News

ඥාණසාර හිමිට රෝගී තත්ත්වයක්… සිරකරුවන් 15ක් සමග Rවාට්ටුවේ රදවා තබයි…

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ R වාට්ටුවේ රදවා සිටිනවා.

සිරකරුවන් 15ක් සමග උන්වහන්සේ එම වාට්ටුවේ රදවා සිටින බවයි පැවසෙන්නේ.

ඊයේ රාත්‍රියේ එම වාට්ටුවේ රදවා සිටි සිරකරුවන් උන්වහන්සේට අවස්ථා කිහිපයකදී ගිලන්පස ලබාදීමට කටයුතු කර තිබෙනවා.

හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව ඊයේ දිනයේ වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කර ඇති අතර උන්වහන්සේගේ දෙපාවල තිබෙන කුෂ්ඨ රෝගී තත්ත්වයකට එහිදී ප‍්‍රතිකාර ලබාදී තිබෙනවා.

උන්වහන්සේ එහිදී පවසා ඇත්තේ ඉකුත්දා පැවති ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට තමන් වහන්සේ විසින් වියළි ආහාර බෙදාදුන් බවයි. ඉන්පසු මෙම රෝගී තත්ත්වය හට ගැණුන බවයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප‍්‍රකාශ කර ඇත්තේ.

Related posts

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

13-14 රටපුරා සුරාසැල් වැසෙයි

Admin

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

colombotoday

මෙහෙම ගියොත් කොම්පැනිකාරයකුට වුණත් මේ රටේ ආණ්ඩු බලය ගන්න පුළුවන්

colombotoday

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

colombotoday