Colombo Today Local News

ජේතවනාරාමයේ අකුණු සන්නායකය සොරා ගැනීම සම්බන්ධයෙන් සුපර් ස්ටාර් තරුවක් අත්අඩංගුවට

ඓතිහාසික ජේතවනාරාම චෛත්‍යයේ අකුණු සන්නායකය සොරා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ගායන ශිල්පියකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කිරිමෙි සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරු බව කියන සිරස සුපර් ස්ටාර් ගායන රියැලිටි තරගයකට සහභාගීවී අවසාන කීප දෙනා අතරට තේරී පත්ව වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී මංජුල පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පස්දෙනකු පසුගිය 03 වැනි දින පස්වරු 12.40 ට පමණ අත්අඩංගුවට ගෙන තිබුණා.

අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක්, නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් සමඟ අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසනවා.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය, සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණවලදි හෙළිවි තිබෙනවා.

අත්අඩංගුවට ගත් පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සිරස සුපර් ස්ටාර් ගායන රියලිටි තරඟයේ අවසන් වටයට තේරී පත් වූ මැදවල ලේකම්ලාගේ මංජුල පුෂ්පකුමාර දයාරත්න හා කල් අඩිය පුත්තලම, මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම, යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණා.

Related posts

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

දෙමුහුන් අධිකරණ ඉල්ලන ගොන් තකතීරු වැඩ කරන්න එපා – ඩිලාන් පෙරේරා සුමන්තිරන්ට කියයි

colombotoday

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

රෝහිණි මැතිසබයේ ගංජා ගීතයක් ගයයි

Admin