Colombo Today Local News

ජින්තුපිටිය ලොක්ඩවුන්

කොළඹ වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියකු හමුවීමත් සමගම එම ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් බවට පත්කර එහි පදිංචි පවුල් 35 කට අයත් 154 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යැවීමට සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය පෙරේදා (02වැනිදා) රාත‍්‍රි කටයුතු කර ඇත.

ඒ අනුව ජින්තුපිටියේ පදිංචි 154 දෙනකු පෙරේදා රාත‍්‍රියේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඉතාම ආරක්ෂිතව රැගෙන යෑමට කටයුතු කර තිබේ. මේ අතර ජින්තුපිටිය ප‍්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා එම ප‍්‍රදේශයට කිසිවෙකුටත් ඇතුළු වීමට නොහැකි වන පරිදි මාර්ග බාධක යෙදවීමට පොලිසිය කටයුතු කර තිබේ.

කොරෝනා රෝගය ආසාදනය වූ බව කියන පුද්ගලයා අයි. ඞී. එච්. රෝහල වෙත ඇතුළු කිරීමටද සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.

නෞකාවක සේවය කරමින් සිටි මෙම දෙමළ ජාතිකයා ඉන්දියාවේ සිට ශ‍්‍ර‍්‍රී ලංකාවට පැමිණ තිබුණේ ඉකුත් ජුනි මස 08 වැනිදාය. නෞකාවකින් පැමිණි මේ පුද්ගලයා ගාල්ල වරායෙන් ගොඩබිමට පැමිණි අතර ඔහු බූස්ස කඳවුර වෙත අනුයුක්ත තිබුණේ නීරෝධායනය සඳහාය.

බූස්ස කඳවුරේ දී මෙම පුද්ගලයා පී. සී. ආර්. පරීක්‍ෂණයකට ලක් කළ අතර එහිදී හෙළිවී තිබුණේ ඔහුට කොරෝනා රෝගය ආසාදනය වී නොමැති බවයි.

දින 14 ක් නිරෝධායන මධ්‍යස්ථානයේ ගත කළ මෙම පුද්ගලයා ජුනි මස 23 වැනිදා ජින්තුපිටියේ පිිහිටි සිය නිවස වෙත පැමිණි අතර ඔහු දින 14 ක කාලයක් සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබුණි.

දින දහයක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටියදී මොහුට සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ බව හෙළිවීමත් සමගම රෝගියා රෝහලේ ගත කිරීමට කටයුතු කළ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් දස දෙනා ඇතුළු ජින්තුපිටියේ පදිංචිකරුවන් කන්දකාඩු කඳවුර වෙත යැවීමට කටයුතු කර තිබිණි.

මෙම රෝගියා සාමාන්‍ය සමාජයෙන් හමු නොවූ නිසා කොරෝනා වෛරසය පැතිරයෑමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම පුද්ගලයා සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි නිසා පිටස්තර පුද්ගලයන් කිසිවකුටත් රෝගය වැළඳීමේ අවදානමක් නොමැති බව ද ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– divaina

Related posts

මට මොකුත් මතක නෑ.. නිදොස් කොට නිදහස් කරන්න – පෝරකයට නියම වූ දුමින්ද කියයි

colombotoday

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු නිමකරයි

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday

දින හතේ දරුවා පනස්දහසකට විකුණන්න හදලා

colombotoday

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

colombotoday

මත්පැන් බෝතල් 9,240ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් වාලච්චේනේදී අල්ලයි

colombotoday