කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයෙකු හමුවී රෝහල වසා දමා ඇති බවට පැතිර යන තොරතුරු අසත්‍ය බව රෝහල් බලධාරීන් පවසනවා.
කොළඹ ජාතික රෝහලේ එක් නිලධාරිනියකට කොවිඩ් යැයි සැකපිට ඇය PCR පරීක්ෂාවකට ලක් කර බවත් තවමත් එහි වාර්තාව පැමිණ නැති බැවින් අදාළ නිලධාරිනියට කොරෝනා අසාදිත බව පැවසිය නොහැකි බවයි රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ.
මෙලෙස නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති නිසා ජාතික රෝහලේ 03 වන වාට්ටුව වසා ඇති බවට තොරතුරු වාර්තා වුවත් එය අසත්‍ය බවත් තවමත් එම වාට්ටුව විවෘතව පවතින බවත් බලධාරීන් සඳහන් කළා.