Colombo Today Local News

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු 5 වැනිදා පිහිටුවනවා

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා ශක්තිමත්ව මුහුණ දීම සඳහා වන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ අගෝස්තු පස් වැනිදා පිහිටුවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවිස්සාවේල්ලේදී අද (23) පැවැසීය.

රටේ අනාගතය ගොඩනැගීම සඳහා නව ප‍්‍රතිපත්තියක් සහිතව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුලු බහුවිධ පාර්ශ්ව වල සහභාගීත්වයෙන් පිහිටුවන මෙම පුළුල් පෙරමුණට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන  ඕනෑම පක්ෂයකට එකතුවීමට හැකියාව තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

නව පෙරමුණට එකතුවන සියලු පක්ෂවල අනන්‍යතාවය රැකගනිමින් පොදු ප‍්‍රතිපත්ති රාමුවක් යටතේ නව පක්ෂය ක‍්‍රියාත්මක වන බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නව පෙරමුණ අලුත් පරපුරට ගොවි කම්කරු විද්වත් සැමට සුදුසු අයුරින්  නව ප‍්‍රතිපත්ති මාලාවක් සහිතව ඉදිරියට ගෙන එන බවද අග‍්‍රාමාත්‍යවරයා පැවැසීය.

තවත් වසර පහක් සඳහා බලය ලබා ගෙන රට ගොඩ නැගීම මෙන්ම අභියෝග වලට ශක්තිමත් ලෙස මුහුණ දීම ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ මූලික අරමුණ බවද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

සාම්ප‍්‍රදායික රාමුවෙන් පිටතට ගොස් අලුතින් හිතන්නට හුරු විය යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා එසේ නොවුනහොත් ජනතාව විසින් දේශපාලඥයින් කුණු බක්කියට දමනු ඇති බවද පැවැසීය.

අවිස්සාවේල්ලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමෙන් පසු අවිස්සාවේල්ල නගරයේ පැවති ජනහමුව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කීය.

Related posts

ශ්‍රීලනිපයේ පිංගුත්තරයො ටික ආයෙත් ආණ්ඩුවට එපා… තනි එජාප ආණ්ඩුවක් හදනවා – දිලිප් වෙදආරච්චි

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් සදහා නිවේදනයක්

colombotoday

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 40ක් හදුනා ගනී

colombotoday