Colombo Today Local News

ජාත්‍යන්තරය හමුවේ රටේ අභිමානය රකිනවා – 68 වන නිදහස් දිනයේදී ජනපතිගෙන් ප්‍රතිඥාවක්

“අපි අභිමානවත් ජාතියක්ලෙස අභිමානවත් රාජ්‍යයක් ලෙස ලෝක සිතියමේ පෙනෙන්නට කටයුතු කරන බව. මම මුළුමහත් ජාතියට ප‍්‍රතිඥ දෙනවා මේ සියල්ල ඉටු කිරීමේදී රජයේ ද ති‍්‍රවිධ හමුදාවේද මුළුමහත් ගෞරවය ආරක්ෂා කරන බව.” යැයි 68 වන ජාතික නිදහස් දින උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

”නිදහස යන මෙම සංකීර්ණ වචනය පාලකයන් සහ ජනතාවගේ බරපතළ අභියෝගයක්. අප සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වූ යුගයකයි. අපි අද සිටින්නේ රජවරු රජකම් කරන කාලයක නොවේ. මේ නිදහස හා ප‍්‍රජාතනත‍්‍රවාදය කතාකිරීමේදී රජය එය ආරක්ෂා කරනවා සේම ආරක්ෂක හමුදා එය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. දශක 3ක් පැවැති ත‍්‍රස්තවාදය පරාජය කළ ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට අපේ ප‍්‍රණාමය හිමිවෙනවා. එ් සඳහා සෑම කෙනෙක්ම කළ කැපකරීමට ගෞරවයෙන් සිහිපත් කරනවා.

අපිට පසුව නිදහස් ලබාගත් ලෝකයේ බොහෝ රටවල් ආගමික, භාෂා සංහිඳියාව නියමාකාරයෙන් කළ නිසා ඔවුන් අද ප‍්‍රබල ජාතීන් ලෙස දියුණු වී තිබෙනවා. ලෝකයේ පිළිගත් ති‍්‍රවිධ හමුදාවක් බවට අපේ ත‍්‍රිවිධ හමුදාව පත්කරගැනීමට එ් යෝජනාවලට අපි මුහුණ දී ඉවසීමෙන්, සංයමයකින්, හික්මීමකින් කටයුතු කළ යුතුයි.

ඇතැම් දේශපාලන ප‍්‍රතිවාදීන් රජය අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් දෙනු ලබනවා. මේ සියල්ල කරනු ලබන්නේ ජාතික සංහිඳියාව වෙනුවෙන් බව කිව යුතුයි. ආරක්ෂක හමුදාවල සිත් බිඳෙන අයුරින් දේශපාලන අන්තවාදීන් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. යැයිද ජනාධිපතිරයා වැඩි දුරටත් එහිදී පැවසීය.

 

Related posts

සියළුම ප්‍රධාන නගර වලින් ජනතාව ඉවත් කරයි, දැඩි සෝදිසි මෙහෙයුම්…

colombotoday

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

දේශපාලන පිටියේ විශාලම පෙරළියක් අද

Admin

අතයට ගණුදෙනු : ටැබ්, සුරක්ෂා තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 380ක් අවභාවිතා කරලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සාක්කි දෙයි

colombotoday