Colombo Today Local News

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානීට ඇප

රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇප මත මුදාහැර තිබෙනවා.

එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් මෙම නියෝගය සිදුකළ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුවයි මෙලෙස අද අධි චෝදනා පත්‍ර භාරදෙනු ලැබුවේ.

එම අධි චෝදනා  සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්නන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විත්තිකරුවන් වෙත භාරදී තිබෙනවා.

අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වු ශරීර ඇප 03 ක් මත මුදාහැරිමට නියම කළ  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, විත්තිකරුවන්ගේ විදේශ ගමන් වලක්වාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවටද නියම කළ බව සඳහන්.

2018 වසරේ මැයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදි කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකරදීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේදී මෙම විත්තිකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම විත්තිකරුවන් වන්නේ, ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානිවරයෙකු වන ආචාර්ය අයි.එච්.කේ මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් දෙදෙනායි.

Related posts

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday

රාජකීය සිසුවෙකුට මාරාන්තික ප්‍රහාරයක්. ශාන්ත තෝමස් විදුහල මැරයාගේ තොරතුරු නොදෙයි

colombotoday

පදමට සූර් වී සිරකරුවන් ප්‍රවාහනය කළ ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට

colombotoday

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin

දෑස් අද පාතාල නායක පොට්ට වජිරපොලිස් ඇසට වැලි ගසා සගවා ගෙන සිටින මත්කුඩු තොගය කොහේද?

colombotoday

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin