Colombo Today Local News

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැදවයි…

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ.

පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට ද ආරාධනා කර ඇතැයි දැනගන්නට තිබේ.

අද සවස ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ද අවලංගු වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එය අවලංගු වීමට හේතුව මෙම සර්වපාක්ෂික සමුළුව විය හැකි බව ද දැනගන්නට ඇත.

Related posts

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මියයයි

colombotoday

සිල් රෙදි නඩුව: අභියාචනයේ තීන්දුව නොවැම්බර් මස 13 වෙනිදා.

colombotoday

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday