Colombo Today Local News

ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.

daa427c4e25c879aabf4da8f8dfe700c_Lලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන පළාත් පලාන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීමට ඇප කැප වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එබව සඳහන් කලේ අද (29) පස්වරුවේ මාලබේ නගරයේ දී පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

මේ අතර, එළැඹෙන පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සහ පවත්වන ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලවත් මතභේද උද්ගතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණයේ සීමා නීර්ණය කිරීමේ ගැසට් නිවේදනය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබිය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 3 (ඇ) වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම පළාත් පාලන ආයතන සීමා නියමයෙන් එහි සඳහන් කර ඇත.

ඒ අනුව මේ මැතිවරණය නව මැතිවරණ ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිව ප්‍රකාශ කරන අතර එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත වී ඇත්තේ පළාත් පාලන ඡන්දය සමානුපාතික නියෝජන ක්‍රමයට අනුව පැවැත්වීමටයි.

කෙසේවුවද, මාර්තු මාසයට පෙර අනපේක්ෂිත දිනයක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇති බව ඉහත දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

Related posts

2005 ගෝඨාගේ ඡන්දය – CID යෙන් මෝසමක්

colombotoday

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

colombotoday

ජනපතිට එරෙහි මඩ ව්‍යාපාරය අගමැති කාර්යයෙන් ! Facebook ආයතනය තහවුරු කරයි?

colombotoday

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday