Colombo Today Local News

ජනපති ගෝඨාභයගේ ප්‍රකාශය අපි සතුටින් භාරගන්නවා – TNA සැර බාල වෙයි

රටේ සියළු ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාදෙන බවටත් සෑම ජාතියකටම සමානව සලකන බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප‍්‍රකාශය සතුටින් භාර ගන්නා බවද සෙල්වම් අඩෙයිකලනාදන් මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කරනවා.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් නුදුරු දිනකදීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවීමට අපේක්‍ෂා කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෙයිකලනාදන් පවසනවා.

වව්නියාවේ පිහිටි ටෙලෝ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂ සියල්ලෙහිම නියෝජිතයන් එක්වනු ඇති බවයි. 

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවන්නේද මෙම ප‍්‍රකාශය මත පදනම්ව දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසදුම් ලබාගැනීමට බවයි මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ. 

Related posts

පක්ෂ 12ක නියෝජිතයින් ඇමති විමල්ගේ නිවසට

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

හමුදා පාලනයක් ගේන්නේ නෑ – ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්

colombotoday

සහල් ආනයනකරුවන්ගෙන් රතු එළියක්

Admin

අනුර අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

Admin