Colombo Today Local News

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

පාස්කු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ, අද දින වැඩ ඇරඹූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ‘රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාගේ අඳුම්වල තැවරී ඇති ලේ සෝදා හරින ලොන්ඩරියක්’ බවත්, ඒ ලොන්ඩරියෙන් සෝදා මැද දුන් ‘ක්ලීන් සූට්’ එකක් ඇදගෙන ඉදිරියේදී ඔහු තමන්ට එරෙහි විශ්වාසභංගයට මුහුණ දෙනු ඇති බවත් එහෙයින් එම තේරීම් කාරක සභාවෙන් පාස්කු දින ප‍්‍රහාරයෙන් මියගිය අහිංසක මිනිසුන්ට හෝ වහාබ්වාදී ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කරන තෙක් බලා සිටින සාමකාමී ජනතාවට හෝ කිසිදු සාධාරණයක් ඉටු නොකරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

‘රිෂාඞ් බදුර්දීන් – අසාත් සාලි – හිස්බුල්ලා – මුජිබර් රහුමාන් වහා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරනු’ යන බල කිරීම ආණ්ඩුවට සිදු කරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැති විරෝධතා ව්‍යාපාරයට එක් වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

පාස්කු දින ප‍්‍රහාරය සිදුවී අදට දින 38ක් ගත වී තිබියදීත් වහාබ්වාදී ත‍්‍රස්තවාදයට දේශපාලන නායකත්වය දුන්, එම ත‍්‍රස්තවාදීන් අදටත් රකින, ඔවුන් අත්අඩංගුවට ගැනීමට බාධා කරන ඉහත දේශපාලනඥයන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න නොකිරීමෙන් පෙනී යන්නේ මේ ආණ්ඩුවට පාස්කු දින ප‍්‍රහාරයෙන් මියගිය ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු උවමනාවක් නොමැති බව යැයි ද ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ වහාබ්වාදී ත‍්‍රස්තවාදයට සහයෝගය ලබාදුන් බවට ප‍්‍රබල සාක්ෂි ඇති රිෂාඞ් බදුර්දීන් ඇතුළු මේ දේශපාලන නායකයන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට තව මීනි කීයක් මැරෙන්නට උවමනාදැයි තමන් ජනාධිපති – අගමැති දෙපළගෙන් ප‍්‍රශ්න කර සිටින බව ද මුසම්මිල් මහතා මෙහිදී සඳහන් කර සිටියේය.

වහාබ්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් මෙම දේශපාලනඥයන් සිව්දෙනාට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුවට කල් මරන්නේ එමගින් ජනතාව අතෘප්තියට පත්කර ඔවුන් නීතිය අතට ගැනීමේ තත්වයට පත් කිරීමට බවත් එවැනි තත්වයකදී රට තුළ සිදු වන කළු ජූලිය වැනි මහා මරා ගැනීමකින් අනතුරුව ඇමෙරිකන් හමුදාවලට රට තුළට රිංගීමට අවස්ථාව උදා කිරීම ආණ්ඩුවේ අවසන් අරමුණ බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම අවස්ථාවට ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප‍්‍රියංගා කොතලාවල, ජානිපෙ ගම්පහ දිස්ත‍්‍රික් නායක, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්ම මහත්මීහු ඇතුළු ජානිපෙ ක‍්‍රියාකාරිහු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

Related posts

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ ශ්‍රී ලාංකික M.M.M. නවාස් සහ අෆ්නාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

බාලිකා පාසලට පැන්න ඇමති පුතා පොලිසියෙන් අල්ලයි… ඇල්ලූ සැනින් නිදහස්!

colombotoday

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

colombotoday

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

colombotoday