Colombo Today Local News

ජනපතිගේ RMV පරික්ෂා කිරීමේ පළමු ප්‍රථිඵලය – තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට !

වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රය අසල සැරිසරමින් සිටි තැරැව්කරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයන් 06 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. රියදුරු බලපත්‍ර ලබා ගැනීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණන පුද්ගලයන්ගෙන් මෙම තැරැව්කරුවන් මුදල් ලබාගෙන ඇති විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඉතා කෙටි වේලාවකින් රියදුරු බලපත්‍රය ලබාදිය හැකි බව පවසමින් ඔවුන් රුපියල් 10,000 බැගින් අල්ලස් ලබාගෙන තිබෙන බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. අදාල තැරැව්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

මෙම ජාවාරමේ නිරත තවත් පුද්ගලයන් රැසක් පිළිබඳව සැකකරුවන් තොරතුරු අනාවරණය කර ඇති අතර ඔවුන් සොයා ගැනීම සඳහා පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා හදිසියේ මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගොස් එහි කටයුතු සොයා බැලූ අතර එම සිද්ධියත් සමග එහි සිදුවන ජාවාරම්, අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජය තුළ මතුව තිබේ.

Related posts

කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්

colombotoday

බෝම්බ පුපුරවා අහිංසක වැසියන් මැරෑ කෲර ඝාතකයන් ‘දේශපාලන සිරකරුවන්’ ‍වන්නේ කෙසේද?

colombotoday

වස-විස නැති ගොවිතැන් කතාත් අහවර වල ලකුණු.. අධිවිෂ ග්ලයිෆොසෙට් තහනම ලිහිල් කරන්න යයි

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday