Colombo Today Local News

චීනයේ සිට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා කදවුරක් වෙත යොමු කෙරේ !

චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇත.

එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය පවසා සිටියේ, චීනයේ සිට පැමිණෙන සංචාරකයින් විශාල ප්‍රමාණයක් හා ලංකාවේ රැකියා බලපත්‍ර ඇති බොහෝ පිරිසක් ඇති බවයි.

එබැවින් මෙම පිරිසගෙන් ලංකාවේ දරුවන් හෝ සංචාරකයින් හෝ රැකියා බලපත්‍ර හිමි ඕනෑම අයෙක් ඔවුන් ජීවත් වෙන ස්ථානයේ සිට වෛද්‍ය පරීක්ෂණයට ලක් කරමින් නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

විශේෂයෙන් වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි සිසුන් සති දෙකක් යන තුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

Related posts

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday

හිටපු ජනපති ජපානයට දුන් අලි බලන්න යයි

colombotoday

රණවිරුවන් 24ක් මරා පුළුස්සලා.. නිදහස් ඉල්ලන කොටි සිකරුවන් 3දෙනෙකුගේ කෙරුවාව හෙළිවෙයි

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

එජාපයේ කළු බැටළුවන්, කෙළෙහිගුණ නොදත්තවුන් මට මෙහෙම කළා… පොරොන්දුව කඩ කර මුදල් ඇමතිකම නොදීම ගැන රවී කතා කරයි…

colombotoday

ජනපති කොමිසමෙන් බන්දුලට අවවාද !

colombotoday