හදවත් සැත්කමකට භාජනය වී ප්‍රතිකාර ලබමින් සිටින ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ’ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන් සිංගප්පූරුවේ රෝහලකට වැඩමවීමට නියමිතය. හදවත් සැත්කම සාර්ථකව සිදු කර ඇතත් ඒ සමග ඇති වූ සංකූලතා හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වයට වැඩි දුර ප්‍රතිකාර කිරීම සදහා සෝභිත හිමියන් සිංගප්පූරුවේ රෝහලකට වැඩම කරවීමට නියමිත බවයි සදහන් වන්නේ.