Colombo Today Local News

ගායන ශිල්පී උපාලි කන්නන්ගර ජීවන ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා අද (12) උදෑසන පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී ඇත.

ගායන ශිල්පියෙක් හා සංගීත අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට පුරා දශක ගණනාවක් ඉමහත් සේවවාක් සිදුකරන ලදි.

උපාලි කන්නන්ගර මහතා මිය යන විට 67 වැනි වියේ පසුවිය.

ඒ මහතා විසින් ගායනා කරන ලද පාරට කිට්ටුව දෙල්ගස මුදුනේ, ගෙලේ රන්මාල දා හැට වී, දුම්බර මිටියාවත, කිරි වැදුනු ගොයම වැනි ජනප්‍රිය ගීත මෙරට සංගීත ඉතිහාසයේ සදා නොමැකෙනු ඇත.

ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙන බව ශ්‍රී ලංකා ගායක සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි.

Related posts

එක්වෙනවාද, නැද්ද.. තීරණාත්මක සාකච්ඡාව අද

colombotoday

බදු ප්‍රතිශත ඩබල් වෙයි.. වෑන් ලක්ෂ 25කින්, හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩි වෙයි

colombotoday

සමාජ ශාලාවේ යකා නැටූ පිරිස ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ඉවතට !

colombotoday

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කෙරේ

colombotoday

දින ගණනක ඉන්ධන පෝලිමකින් ප්‍රධාන මාර්ගයක් ත්‍රීවිල්වලින් වැසෙයි

colombotoday