Colombo Today Local News

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් – පැය 607ක CCTV දර්ශන විශ්ලේෂණය කෙරේ

කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමති නිලධාරිනියක පැහැරගෙන ගියේ යැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 05 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (08)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින සැකකාර ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයට අදාළව මේවන විට සොයාගෙන තිබෙන පැය 607 කින් පමණ යුත් සීසීටීවී දර්ශන විශ්ලේෂණය කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති බවත් එම සම්පූර්ණ වාර්තාව ලබාදීම සඳහා මාස 10ක පමණ කාලයක් ගත වනු ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවත් කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැහැරගෙන යාම සිදු වූ බව කියන දිනයේ සැකකාර කාන්තාව බම්බලපිටිය පැල්මයිරා ප්‍රදේශයේ පිහිටි ඇයගේ හිතවත් ගුරුවරියකගේ නිවසකට යාම එතැන් පටන් ගාලුපාර ඔස්සේ මාලිගාකන්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණීම දක්වා වූ දර්ශන අඩංගු සීසීටීවී දර්ශන මීට ඇතුළත් වන බව කියා සිටියේය.

මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම විමර්ශනයට ඉතා වැදගත් වන වීඩියෝ දර්ශන පමණක් විශ්ලේෂණයට ලක් කර වාර්තා ලබා ගැනීම සුදුසු බවයි.

ඒ අනුව අදාළ පැහැර ගැනීම සිදු වූ බව කියන නොවැම්බර් මස 25 වනදා පැය යොදා 14:30 සහ 18.30 දක්වා වූ කාල සීමාවට අයත් වීඩියෝ දර්ශන පමණක් විශ්ලේෂණය කර වාර්තා කැඳවීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

සැකකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැහැරගෙන යාම සිදු වූ දිනට පෙර සතියක පමණ කාලයකට අදාල වන සීසීටීවී වීඩියෝ දර්ශන රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේෂණය කර වාර්තා කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාට දන්වා සිටියේ මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ ඇයි ද? යන කාරණය පිළිබඳව මීළඟ නඩු දිනයේදී අවශ්‍ය දත්ත ද සමග ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසය.

Related posts

මාතර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට යලිත් හොරු පනී.

colombotoday

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

colombotoday

තායිවානයට බලපෑ ප්‍රබලතම භූකම්පනය

Admin

වසර 5ක් සදහා විදුලිය මිළදී ගැනීමට කැබිනට් යෝජනාවක්…

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

කොළඹ නගර සභාවේ ගහපු සුපිරි ගේම

Admin