Colombo Today Local News

ග්‍රාම නිලධාරීන්ගේ සියලු රාජකාරී වලින් ඉවත් වෙයි

අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත් වන බවත් දීපව්‍යාප්ත විරෝධතා සතියක් ද ආරම්භ කරන බවත් ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළා.

එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව ද ඔහු වැඩිදුරට කියා සිටී.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා.

Related posts

මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක්

colombotoday

රයන්ගේ ‌මෝටර් රථය පොලිස්භාරයට – කේරල ගංජා මිලිග්‍රම් 5,750ක් සොයා ගනියි

colombotoday

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටුවයි

Admin

පළමු මාත්‍රාව ගත් අයට දෙවැනි මාත්‍රාව නිසි කාලයටම

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මතුගම නගරයේ දී පහරදෙයි

Admin

අද එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday