Colombo Today Local News

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

ශී‍්‍ර ලංකාවේ කිසිදු ගමකට නගරයකට වැවකට ඓතිහාසික ස්ථානයකට මින් ඉදිරියට සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා තුනෙන්ම රජය විසින් නම් කර ප‍්‍රමිතිකරණය කරන ලද නම් හැර වෙනත් නම් යෙදීම සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි මැනුම්පති එස්. එම්. ටී. සංගක්කාර මහතා පැවසීය.
 
 රට පුරා පිහිටි සෑම ගමකටම නගරයකටම හා ඓතිහාසික ස්ථානවලට අදාළව ප‍්‍රමිතිගත කරන ලද නම් ලක්‍ෂ පහක් මේ වන විට සකස්කර ඇතැයි ද මේ පිළිබඳව සම්පූර්ණ නාම ලේඛනය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
 
 මෙම නාම ලේඛනය සකස් කරනු ලැබුවේ වසර තුනක් තිස්සේ පසුගිය රජය විසින් පත්කරනු ලැබූ ග‍්‍රාම නාම ප‍්‍රමිතිකරණ කමිටුව විසින් ලංකාවේ සෑම නගරයකටම ගමකටම ගොස් ප‍්‍රායෝගිකව සකස් කරන ලැයිස්තුවකට අනුව බවද හෙතෙම පැවසීය.
 
 මෙම තොරතුරු ගූගල් සමාගමටත් ලබා දෙන බවත් ඒ අනුව ලෝකයේ ඕනෑම තැනක සිට ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමට හැකි බවද ඒ මහතා කීවේය. ලබන සතියේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම නව ග‍්‍රාම නාම ප‍්‍රමිතිකරණ නාම ලේඛනය පිළිබඳව විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කරන බවද මැනුම්පතිවරයා සඳහන් කළේය.
 
 නාම පුවරුවල මින් ඉදිරියට සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා තුනේම එකම නමක් සඳහන් විය යුතු බවද මැනුම්පතිවරයා වැඩිදුරටත් පැවසීය. 

Related posts

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

පිපිරීම තවම අභිරහසක්.. අවුරදු තිහක යුද සමයේදීවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. ආරක්ෂක අංශ විමතියෙන් !

colombotoday

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

මුදල් ඇමති ඉන්දීය විදේශ ලේකම් හමුවෙයි

colombotoday

අවසන් සටනේ දී කොටි සිවිල් වැසියන් සමූල ඝාතනය කරලා – පරණගම කොමිසම සාක්ෂි සහිතව තහවුරු කරයි.

colombotoday

ඌව වෙල්ලස්සේ සරුසාර ඉඩම් අක්කර 62.500ක් ඇමරිකානු සමාගමකට

colombotoday