Colombo Today Local News

මාව සල්ලාලයෙක් හොරෙක් දූෂකයෙක් කරලා, අත්අඩංගුවට ගන්න හදන බව ආරංචියි

udaya gammanpilaකූට ලේඛණයක් සැකසූ බව කියමින් තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගත් ආකාරයෙන්ම තමාවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඉතා විශ්වාසදායක තොරතුරු හරහා දැන ගැනීමට ලැබුණු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා.  ඒ මහතා මේ බව පැවසූවේ අද 2 පැවති මාධ්‍ය හමුවකදී යි.

මීට වසර විස්සකට පමණ පෙර තමාද අධ්‍යක්ෂක ධුරයක් දැරූ සමාගමක අධ්‍යක්ෂක ධුරයක් දැරූ ඔස්ට්‍රේලියානු ජතිකයෙකු කළ මූල්‍ය වංචාවක සිද්ධියකට තමාගේ නම ඈදාගෙන අභූත චෝදනාවක් තමා වෙත එල්ල කර ඇති බවත් ඒ පිටුපස පාඨලී චම්පික රණවක ඇමතිවරයා සිටින බවත් ගම්මන්පිල මහතා චෝදනා කරනවා.

අවුරුදු 16ක තමාගේ දේශපාලන ජීවිතය තුළ හොරකම් මැරකම් සල්ලාලකම් පිළිබද තමාට චෝදනා එල්ල වී නොමැති බවත් එසේ චෝදනා ඇති අය තමාගේ චරිතය ඝාතනය කිරීමේ අරමුණින් මෙසේ ක්‍රියාත්මක වී ඇති බවත් ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා. තමන් ආණ්ඩුවේ වැරදි පෙන්වා දෙන බැවින් ආණ්ඩුවට හිසරදයක් වී ඇති බවත් එම නිසා යහපාලන ආණ්ඩුවේ හිතවාදීන් විසින් අභූත චෝදනා එල්ල කර තමන් නිහඩ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

 

 

Related posts

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday

අනිද්දා පැය 10ක ජල කප්පාදුවක්

Admin

58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් වෙයි

colombotoday

අයි.එම්.එෆ්. එක හංගලා ගහන ගේම්වලට මම යට උනේ නෑ – රවී කරුණානායක

colombotoday

සිත කළකිරෙයි

Admin