Colombo Today Local News

ගංගා ආශ්‍රිත හෝටල්වලින් 60%ක් නීති විරෝධියි

මෙරට ගංගා ආශ්‍රිතව ඉදිකර තිබෙන සංචාරක හෝටල්, කර්මාන්ත ශාලා හා වෙනත් ව්‍යාපාරික ආයතනවලින් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් පරිසර වාර්තා ලබාගෙන නොමැති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර වාර්තා ලබාගත් ඇතැම් ආයතන පවා මේ වෙද්දී පරිසර නිර්දේශ අනුව කටයුතු නොකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද එම අමාත්‍යාංශය කියයි.

ගංගා 103 කින් සමන්විත මෙරට ගංගාධාර පද්ධතිය සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය සැලසුම් කරන ලද ‘සුරකිමු ගංගා’ නමින් ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.

පරිසර ඇමැති මහින්ද අමරවීර ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට පෙරේදා (3 වැනිදා) මෙලෙස අනුමැතිය ලැබී තිබේ.

ගංගා පද්ධතිය ආශ්‍රිතව මේ වනවිට සිදුවන පරිසර දූෂණය වළක්වමින් සියලුම ගංගාධාර සංරක්ෂණයට පියවර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. මෙම වැඩසටහනට රුපියල් කෝටි 3200 ක මුදලක් වැය කෙරේ.

මේ අනුව ඉදිරියේදී ගංගා දූෂණය සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇත.

ශ්‍රී ලංකාවේ ගංගා පද්ධතියෙන් 80 ක්ම අයත් වන්නේ වියළි කලාපයටය. දැනට සිදුකර තිබෙන ගණන් බැලීම් අනුව මෙම සමස්ත ගංගා 103 න්ම මුහුදට ඇදී යන ජල ප්‍රමාණය කියුබික් ඝන මීටර් 55,000 කි.

Related posts

හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අත්අඩංගුවට

colombotoday

ප්‍රභාකරන් මරා දැමූ 53වැනි සේනාංකය නාරම්මල රිලව් එලවන්න යොදවලා – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

colombotoday

බිරිදට පෙම්බැදි මිතුරාව ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

colombotoday

පාතාල කල්ලි සාමාජික ඉන්ද්‍රගේ ප්‍රධාන ගෝලයකු වන අක්කු අත්අඩංගුවේ

colombotoday

ආගමික නිර්දේශ පසෙක තබා කොවිඩ් මරණ ආදාහනය කළ යුතුයි | නාරංපනාවේ ආනන්ද නාහිමි

colombotoday

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday