Colombo Today Local News

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් පමණ වටිනාකමින් යුත් අයිස් නැමති මත්කුඩු කිලෝ දෙකක් සමග මත්කුඩු ජාවාරම්කරුවෙකු අද (06)දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

හික්කඩුව පිංකන්ද ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුගේ නිවසේ තිබී මෙම මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය පවසයි.

ඔහු කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. මීට දින කිහිපයකට පමණ ඉහතදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අයිස් මත් කුඩු කිලෝ එකක් සමග මොහුගේ ගෝලයකු අත්අඩංගුවට පත්වී ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Related posts

කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි

colombotoday

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

colombotoday

අද ප්‍රදේශ කීපයකට වැසි

Admin

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday

මල්වතු මහා විහාර පාර්ශවයෙන් කතානායක කරුට ගෞරව සම්මානයක්…

colombotoday

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසය හා වර්තමානය දැක්වෙන කෞතුකාගරයක්

colombotoday