Colombo Today Local News

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

royal_ college

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට ද මුදල් අක්‍රමිකතා සම්බන්ධ චෝදනා හේතුවෙන් ස්ථාන මාරුවක් ලබා දීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයාට දැඩිව අවවාද කර ඇති බවද පැවසේ.

මේ අතර මෙම විදුහල්පතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ වැඩ වසන එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ස්වාමින් වහන්සේ නමක් මගින් අදාළ ස්ථාන මාරුව වෙනස් කර ගැනීමට උත්සාහ දරන බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේවුවද අධ්‍යාපන අමාත්‍යවරයා සිය තීරණය සම්බන්ධයෙන් දැඩිව සිටින බවද වාර්තා වේ.

Related posts

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

ජීවන්, සෝලංග කොඩියෙන් සටනට… නාම යෝජනා අත්සන් තබති !

colombotoday

ජනපතිට – අගමැතිට උසාවියේ පෙනී සිටින්නැයි සිතාසි

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 188කට සීමා වේ

Admin

“ත්‍රස්ත මර්ධන පනතක් හරි ගෙනල්ලා ඥාණසාර හිමි හිරේ දාන්න ඕන“ – බාහු

colombotoday

සන්ෂයින් සුද්දා ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

colombotoday