Colombo Today Local News

කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක්

කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක්  දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස්  පාලිත නානායක්කාර මහතා පවසයි.

දිනපතා ලොරි රථ 30 ක් යොදවා කසළ ප්‍රවාහනය සිදුවන අතර,  එක් ලොරි රථයක් සඳහා රුපියල් ලක්ෂයක් ගෙවන බවද ඒ මහතා කීය.

මෙම එක් ලොරියකට දිනකට යා හැකි ගමන් වාර ප්‍රමාණය එකක් බවද  ගෙන යා හැකි ප්‍රමාණය උපරිමය ටොන් 15 ක් බවද හෙතෙම සඳහන් කළේය.

නගරයේ ගොඩ ගැසී තිබූ කසළ මෙට්‍රික් ටොන් 3000 ක් අතරින් අද වනවිට 1500 ක් ඉවත්කර ඇතැයි ද කී කොමසාරිස්වරයා දෛනිකව එකතුවන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600 ක් බවද පෙන්වා දුන්නේය.

මෙම ලොරි රථවලට පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි ද නගර සභාව සඳහන් කරයි.

Related posts

පිළිරූ ගිනි තබති.. කෙළ ගසති.. හිටපු ජනපතිට මැලේසියා කොටින්ගේ විරෝධය

colombotoday

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

“බදුර්දීන් කරන්නේ ඔහුගෙ යුතුකම.. ඊට අපි ඉඩදිය යුතුයි.. ඒක තමා මනුස්සකම“ – රාජිත

colombotoday

රාජ්‍ය ආදායම ඉහළ ගියහොත් පළමුව රාජ්‍ය සේවකයන්ට සහන

Admin

මියගිය ආගමික දේශක රුවන් ප්‍රසන්නගේ ඉගැන්වීම් ගැන පුළුල් පරීක්ෂණයක් අරඹයි

Admin

ශානි අබේසේකර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday