Covid 19World

කොවිඩ් මරණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් !

කොවිඩ් එන්නතට පෙර තවත් මිලියනයක් පමණ ජනතාවක් මියැදෙනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය මයික් රයන් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කොවිඩ් වසංගතයට එරෙහිව සාර්ථක එන්නතක් භාවිතයට ගැනීමේ හැකියාව ලැබෙන විට අවම වශයෙන් ලොවපුරා මිලියන දෙකක ජනතාවක් වෛරසයෙන් මරණයට පත්විය හැකි බවය.

කොවිඩ් වෛරසයේ ආගමනය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරනු ලැබීමෙන් පසු මාස අටකට ආසන්න කාලයක් ගතවී අවසන් ය.

පසුගිය ජනවාරියේ අග භාගයේ දී එම නිවේදනය නිකුත් වූ දිනය වන විට කොවිඩ් වෛරස් ආසාදිතයන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණු අතර පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් මරණයට පත් වී තිබුණි.

ඒ සියලු ආසාදිතයන් සහ මරණ වාර්තා වී තිබුනේ චීනයෙන් පමණි.

ලොව පුරා දැනට තහවුරුකර ගෙන ඇති කොවිඩ් වෛරස් ආසාදිතයන්ගේ ගණන මිලියන 33 කට අධිකය.

ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඊයේ (27)දින මිලියනය ඉක්මවීය.

වසංගතය ආරම්භයේ දී රෝගීන් ගණන ලක්ෂයකින් ඉහළ යාමට ගත වුයේ සති කීපයක් පමණි.

කෙසේ වෙතත් දැන්, ලක්‍ෂයේ සන්ධිස්ථාන සලකුණු වීමට ගත වන්නේ පැය කීහිපයකි.

මේ වන විට ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙස අමෙරිකාව ඉදිරියෙන් සිටී.

එරටින් මේ වන විට වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 73 ඉක්මවන අතර මරණ සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධිකය.

මේ වන විට කොවිඩ් වෛරසයේ ලොව කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ඇත.

එරටින් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 95,000 කට අධිකය.

මේ අතර යුරෝපය පුරා යළිත් කොවිඩ් වෛරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වී ඇති අතර ඊයේ දිනයේදී ප්‍රංශයෙන් 11,123 ක්, බ්‍රිතාන්‍යයෙන් 5,693 ක්, ඉතාලියෙන් 1,766ක් සහ ජර්මනියෙන් 1,313 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබුණි.

Related posts

කොළඹ තවමත් අවදානම් | කොවිඩ් ආසාදිතයින් 23000 ඉක්මවයි.

colombotoday

මෙක්සිකෝවේ ඉහළ යන කොවිඩ් මරණ

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 9 ඉක්මවා යයි.

colombotoday

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

colombotoday

පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday