Colombo Today Local News

කොරෝනා සුව වූ චීන කත ලාංකාවට ස්තූති කරයි… ලාංකිකයන්ගෙන් සමාව අයදී !

දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව තමාට සුවය ලබා ගැනීමට උපකාර කළ සෞඛ්‍ය අංශ වෙත ස්තූතිය පළකරමින් අදහස් දක්වා ඇත. ඇය මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ චීනයේ භාවිත කෙරෙන වී චැට් (we chat) තාක්ෂණය ඔස්සේය.

තමන් නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අපහසුතාව පිළිබඳව සමාව ඉල්ලීමටද මෙහිදී ඇය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු පළමු කොරෝනා ආසාදිත රෝගියා මෙම චීන කාන්තාව වන අතර ඇය සුවය ලබා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි.

ඇය වී චැට් ඔස්සේ මෙසේද අදහස් දක්වා තිබුණි.

‘‘මම මුලින්ම රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ සියලුදෙනා මං ගැන බය වෙලයි හිටියේ. මමත් බොහොම කලබල වුණා. මම දැනුවත්ම නෙමෙයි මට මේ ලෙඩේ හැදුණේ. ඒ නිසා ලංකාවට ඇතිවුණු කරදරය ගැන මම සමාව ඉල්ලනවා. මටම තවම විශ්වාස කරන්න බැහැ මට අසනීප වුණා කියලා.

මම වූහාන්වලට ගියේ රැස්වීමකට සහභාගි වෙන්නයි. පසුව මම ශ්‍රී ලංකාවට පැමිණියා. ඉන්පසු මට රාත්‍රියේ උණ රෝගී ලක්ෂණ තිබුණා. එම නිසා මෙහේ රෝහලකට ගියා. මම වාට්ටුවේ හඬමින් සිටිනවා එහි ප්‍රධාන හෙද නිලධාරිනිය දැක්කා. ඇය මා දිනපතාම දිරිමත් කළා. මට අවශ්‍ය කරන සියලු දේ ඇය ගෙනැවිත් දුන්නා. වෛද්‍යවරුන් ඇවිත් දිනපතාම මාව සැනසුවා. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයෙ හිටපු නියෝජිතයනුත් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවෙලා මගේ සුවදුක් සොයා බැලුවා.

මට කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලා දැනගත්තු ඒ ක්‍රියාවලිය ඉතාම කරදරකාරී සහ අපහසු එකක්. ඒ වෙනකොට ශ්‍රී ලංකාවට වෛරසය ඇවිල්ල තිබුණේ නැති නිසා වෙන්න ඇති.

පළමු පරීක්ෂණයේදී කොරෝනා ආසාදනය වෙලා කියල තහවුරු කළේ නැහැ. තුන්වෙනි දවසේදී කොරෝනා කියලා තහවුරු කළේ. මගේ ප්‍රධාන හෙද නිලධාරිනිය ඉතාම හොඳයි. දින කීපයකට පස්සේ ඇය කිව්වා මට ගෙදර යන්න පුළුවන් කියලා. ඇය මාත් සමග ඡායාරූපයටත් පෙනී සිටියා. ශ්‍රී ලංකාවෙ ඉන්න සෞඛ්‍ය නිලධාරීන් ඉතාම හොඳයි. හැමෝටම ගොඩක් ස්තූතියි’’

Related posts

ජෙනරාල් ජගත් ජයසූරිය ගැන රජය තීරණයක් ගනී.. තානාපති ධුරත් අවලංගුයි !!

colombotoday

අපිට හඳුනාගත නොහැකි මට්ටමින් සමාජයේ රෝගීන් සැරිසරනවා. දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමය ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සුදර්ශනී පරදා එජාපයේ ආනන්ද කුමාරසිරි නියෝජ්‍ය කතානායක වෙයි

colombotoday

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

colombotoday

චන්න ජයසුමන සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday