Colombo Today Local News

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

දිවයිනේ සියලු බන්ධනාගාරවල සිටි දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා වව්නියාව නගරයේ විරොධතාවක් පවත්වා ඇත.

වව්නියාව පැරණි බස් නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ පෙලපාලියේ පැමිණි පිරිස වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේදී විරෝධතාවය පවත්වා තිබේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුව, වව්නියාවේ සිවිල් සමාජ ඇතුලු සංවිධාන කිහිපයක් විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණ.

විරෝධතාකරුවන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ හිඳගැනීම හේතුවෙන් වාහන ධාවනයට බාධා එල්ලවු අතර පොලිසියේ මැදිහත්වීමෙන් ඔවුන් ඉවත් කිරීමට පියවරගෙන ඇත.

මෙම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයික්කලනාදන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා මෙන්ම පළාත් සභා මන්ත්‍රී පී සත්‍යලිංගම් ඇතුලු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටි බව වාර්තාවේ.

(හිරු නිව්ස්)

Related posts

නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

මාණික්කමඩු අදත් උණුසුම්.. කැරළි මර්ධනයත් කැදවයි.. විහාරයට දිවාරාත්‍රී පොලිස් ආරක්ෂාව

colombotoday

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday

කන්දකැටියේ නිවසකින් පුපුරණ දව්‍ය හා උපකරණ සොයා ගනී

Admin

සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කල මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday