Colombo Today Local News

කොටි වළ දැමූ රත්තරන් සොයා මුලතිව් – ශිවනගර්හි කැණීම්

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද්ධය දරුණු වූ අවස්‌ථාවේදී මුලතිව් පුදුකුඩිඉරිප්පු ශිවනගර් ප්‍රදේශයේ විශාල රත්තරන් තොගයක්‌ වළ දැමූ බවට ආරක්‌ෂක අංශවලට ලැබුණු තොරතුරක්‌ මත 11 දා සවස එම ස්‌ථානයේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.

ආරක්‌ෂක අංශවලට මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසුව මුලතිව් අධිකරණයේ අවසරයක්‌ මත කැණීම් ආරම්භ කරන ලද්දේ මුලතිව් අධිකරණයේ නිලධාරීන්ගේ ද අධීක්‌ෂණය මතය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයකු විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව මේ ස්‌ථානය පිළිබඳව මුලිතව් ආරක්‌ෂක අංශ අදාළ මූලික පරීක්‌ෂණ කරමින් කරමින් සිටි අවස්‌ථාවේදී දකුණේ සිට පිරිසක්‌ එම රත්තරන් ගොඩ ගැනීම සඳහා පැමිණ සිටියදී අත්අඩංගුවට පත් වූහ. මේ ස්‌ථානයේ රත්තරන් ඇති බවට ස්‌ථිර වශයෙන් තොරතුරු ලැබීමත් සමගම මුලතිව් යුද හමුදා පොලිසිය හා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ තවත් අංශ කීපයක නිලධාරීන් කැණීම් කටයුතු ආරම්භ කොට ඇත.

Related posts

දොම්පේ පොලීසියේ අපරාධ අංශයේ OIC මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

colombotoday

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

colombotoday

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

colombotoday

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

සෑම දිස්ත්‍රික්කයකට ජාත්‍යන්තර පාසලක් හා රෝහලක්

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin