Colombo Today Local News

කොටි එලියට – බුද්ධි අංශ නිලධාරීන් හිර ගෙට – බොදු බලේට උද්ඝෝෂණ තහනම්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට විරුද්ධ නඩුව හෙට 07 හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.

පසුගිය මාස කිහිපය තුල විවිධ අවස්ථාවලදී හිටපු ජනාධිපතිවරයා ඇතුළුව සිවිල් සංවිධාන විසින් අත්අඩංගුවට ගෙන ඇති හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ව නිදහස් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්වුනා. නමුත් කිහිප වතාවකදීම ඔවුන්ට ඇප දීම ප්‍රතික්ෂේපවූ අතර දිවි පරදුවට තබා සටන් කල තම සාමාජිකයන් වෙනුවෙන් යුධ හමුදාව විසින් කිසිදු මැදිහත්වීමක් සිදු නොකෙරූ බව එම නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් Colombotoday.com වෙත ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇතිකොටි සාමාජිකයන් නිදහස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළා. ඒ සදහා දෙමල ජාතික සංන්ධානය විසින් විශාල බලපෑමක් (උද්ඝෝෂණ ඇතුළුව) රජයට එල්ල කළා.

තත්වය මෙසේ තිබියදී අද (5) බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාසර හිමිට මේ පිලිබදව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබුනා. එම ලිපියේ සදහන් පරිදි යුක්තිය පසදලිම අධිකරණය සතු කර්යයක්නම්, එය කොටි සාමාජිකයන් වෙනුවෙන් බල නොපාන්නේ මන්ද යන ප්‍රශ්නය සමස්ත රට වැසියා ඉදිරියේ ඉතිරිව ඇත.

ct56899

( රුවන් හේවාපතිරණ )

Related posts

කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අවලංගු වෙයි

Admin

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

20 ගේනවානම් මහා සංඝරත්නයේ අනුමැතිය රැගෙන ගේන්න.. හිතුවක්කාරකමට වැඩකලොත් පිලිතුරු දෙන්න අපි සූදානම්

colombotoday

හෙරොයින් වෙනුවට ගෙනා මත් කරල් කිලෝ 34ක් අල්ලයි

Admin

සිංහල රාවයට කුලියාපිටියේදී ප්‍රහාරයක්.. රැස්වීම් එපා කියා මරණ තර්ජණය කරලා !

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday