Colombo Today Local NewsCovid 19

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසනවා.

එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබූ නිවසක පදිංචිකරුවෙකු වූ 80 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ මියගොස් ඇති තැනැත්තා කොරෝනා වෛරසය ආසාදිතවූ මනමාලයෙකු සිටි මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව ප‍්‍රථීකාර ලබමින් සිටි අයෙක් බවද වාර්තාවේ. කෙසේවෙතත් මනමාල මහතා ආසාධිතයෙකු වූ බව දැනගත් වහාම අදාළ මරණකරුගේ නිවසේ සියලුම දෙනා ස්වයංනිරෝධායනයට ලක් කර ඇත. එසේ නිරෝධායනය වෙමින් සිටියදී අද (21) දින අලුයම පැවති රෝගාබාධ තරමක් උත්සන්නව නිවසේදීම මියගොස් සිට ඇත.

දේහයෙන් සාම්පල කිහිපයක් ලබාගෙන පීසීආර් පරීක්‍ෂාවකට යැවීමට නියමිතව ඇති අතර එහි ප‍්‍රථිපලය අනුව අදාළ පුද්ගලයා මියගොස් ඇත්තේ කොවිඞ් වැළඳීමෙන්ද යන්න තහවුරුකරගැනීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසයි. එහෙයින් දේහය සම්බන්ධ ඉදිරි කටයුතු කිසිවක් අදාළ සාම්පල පරීක්‍ෂණ වාර්තා පැමිණෙන තෙක් සිදු කිරීම අත්හිටුවා ඇත.

Related posts

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday