ඉන්දියාවේ සැඟව සිටින බවට සැක කෙරෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කිඹුලා ඇළේ ගුණාගේ” සමීපතමයින් 8 දෙනෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වන සුරේෂ් නැමැත්තා කොළඹ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 70ක්ද හමු වු බව පොලීසිය පැවසීය.
පසුගිය 18 වනදා සපුගස්කන්ද පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් උතුරු පළාතේ සිට මහනුවර හරහා කොළඹට මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.