World

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

තම ගුවන් සමාගමට අයත් සමාගමක් වන කැතේ ඩ්‍රැගන් සමාගම වසා දැමීමට තීරණය කළ බව කැතේ පැසිෆික් ගුවන් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, එහි රැකියාවේ නියුතු 8,500 දෙනෙකුට රැකියා අහිමිවන බව විදෙස් මාධ්‍ය පවසයි.

කැතේ ඩ්‍රැගන් ගුවන් යානා ප්‍රධාන වශයෙන් චීනයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට සේවා සැපයීය.

හොං කොං හි මුලස්ථානය පිහිටි කැතේ පැසිෆික් සමාගම පවසන්නේ මව් සමාගම සතු යානා ඉන් සමහර ගමනාන්ත සඳහා යොදවන බවය.

ලොව පුරා පැතිර ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් උග්‍ර මූල්‍ය අපහසුතාවලට පත්ව සිටී.

සේවකයින් සඳහා විශේෂ නිවාඩු ක්‍රමවේද හඳුන්වාදීම, විධායක නිලධාරීන්ගේ වැටුප් අඩුකිරීම සහ ගුවන්යානා මිලදීගැනීම පමා කිරීමෙන් වියදම් අඩුකර ගැනීමට එම සමාගම මේ වන විටත් කටයුතු කර තිබේ.

එසේම හොං කොං රජයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදනයක් කැතේ සමාගමට පසුගිය ජුනි මාසයේදී ලැබුණි.

එහෙත්, එම ගුවන් සමාගම මාසිකව ඩොලර් මිලියන 60ක පාඩුවක් ලබයි.

Related posts

ඉස්ලාම් අන්තවාදීන් සොයා ප්‍රංශ පොලීසිය පැරීසිය පීරයි… පල්ලිවලත් සෝදිසි මෙහෙයුම්

colombotoday

ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත ඇත්තේ තවත් පැය 24කට පමණයි – දහස් ගණනක් රෝගී ජීවිත අවදානමේ

Admin

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

ඉස්ලාමයට අපහාස කළැයි ජෝර්දාන් කිතුණු ලේඛකයෙක් මරා දමයි

colombotoday

VIDEO: ලෙබනනයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටට ISIS මරාගෙන මැරෙන ප්‍රහාරයක් – 40ක් මරුට 200කට බරපතලයි

colombotoday

ධවල මන්දිරයෙන් ඉවත්වන්නට ට්‍රම්ප් ගෙන් කොන්දේසියක්

colombotoday