Colombo Today Local News

කාලගුණය ගැන රතු නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර ඇත.

හෙට (06)දින පෙරවරු 6 සිට අනිද්දා (07)දින පෙරවරු 9 දක්වා කාලය තුළදී දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 70ක් දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයෙන් දන්වා ඇත.

එමෙන්ම එම කාලය තුළදී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීම ඉහත සඳහන් කාලය තුළදී අනතුරුදායක වන අතර නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවදානයෙන් කටයුතු කළ යුතු බව දන්වා තිබේ.

Related posts

දෙනෝදහක් බලා ඉද්දී විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන ගිහින්

Admin

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

දිස්ත්‍රික් සහ පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට

Admin

මවක් සහ දියණියක් යටකර දියවන්නාවට මෝටර් රථයක් කරනම් ගසයි

colombotoday

බදියුදීන්ගේ මාරාන්තික ප්‍රහාරයෙන් පසු මෙරට ගම්මිරිස් වගාවට තවත් හෙණයක්…

colombotoday