යුද හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී මඩකලපුව කාත්තන්කුඩි ප්රදේශයේ ඉස්ලාම් පල්ලියක් අසල කලපුවේ තිබියදී ටී 56 ගිනි අවි ඇතුළු ආයුධ රැසක් සොයා ගෙන තිබේ.
හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව 11 වැනි සිංහ රෙජිමේන්තු නිලධාරීන් පිරිසක් පැමිණ කලපුවේ සඟවා තිබුණු මෙම ආයුධ සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර ටී 56 ගිනි අවි එම උණ්ඩ බලන හතරක්, ටී 56 උණ්ඩ 136 ක් ද වේ.
මෙම උපකරණ සියල්ල කාත්තන්කුඩි පොලිසියට භාරදී ඇත.