Colombo Today Local News

කවුරු කොහොම කිවුවත් මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන ජනවාරි මස තුන්වන දින විවෘත කරනවා – එම්.එල්.ඒ.හිස්බුල්ලා

මඩකලපුව විශ්වවිද්‍යාලය Batticaloa University නමින් ලබන වර්ෂයේ ජනවාරි මස තුන්වන දින විවෘත කරන බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.හිස්බුල්ලා ප්‍රකාශ කළේය.

හදිසි නීතිය යටතේ හෝ මෙම විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බවත් කිසිම අයුරකින් මෙහි ආගමික ඉගැන්වීම් සිදු නොවන බව කාත්තන්කුඩිය මීරා ජුම්මා පල්ලියේ පැවැති ආගමිකවතාවත්වලින් අනතුරුව ඒ මහතා හිස්බුල්ලා මහතා මේ බව සදහන් කළේය.

නමුත් රටේ පවතින වාතාවරණය අනුව මෙම විශ්ව විද්‍යාලය පිළිබඳව ජනතාව අතර සැකයක් පවතින බවත් මෙහි ජාතිය හෝ ආගමකට සම්බන්ධ විෂයන් නොව ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පී, කෘෂි තාක්ෂණ, රොබෝ තාක්ෂණ වැනි විෂයන් උගන්වන සියලු ජාතිකයන්ට සහ අඩු ආදායම් ලාභීන්ට විවෘත  ආයතනයක් යැයි ඔහු කීවේය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියක් නොමැතිව මෙවැනි ආයතනයක් පිහිටුවා ගත නොහැකි බවත් ලාභ නොලබන පදනම් භාරයක් සතු මෙම විශ්වවිද්‍යාලය සඳහා සියලු අනුමැතීන් ලබා ගෙන ඇති බව කී හිටපු ආණ්ඩුකාරවරයා මෙසේ ද සදහන් කළහ.

“විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් යම් සැකයක් තිබුණත් එහි ප්‍රධාන නිලතල රැසක් දරනු ලැබුවේ සිංහළ බෞද්ධ ආචාර්යවරුන් විසිනුයි. රජය සදහන් කරන කොන්දේසි යටතේ ඉගැන්වීම් කරන්න අපි සූදානම්. මෙහි ආරම්භ කරන විෂය නිර්දේශ පිළිබඳව අපි වර්ෂ 2017දී උසස් අධ්‍යාපන අමාතංශය සමඟ සාකච්ඡා කළා. සිවිල් ඉංජිනේරු, ඉලෙක්ට්‍රික් හා ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, ගෘහ නිර්මාණ ශිල්ප, නීතිය, සංචාරක හා ආගන්තුක සත්කාරක කළමණාකරණය ඇතුලු විෂයයන් අප විසින් ඉල්ලුම් කර තිබෙනවා.

Related posts

දුම්රිය ධාවනයට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

Admin

පක්ෂයේ තීන්දු ගන්නේ සමනළ රෑනක්.. එජාපය සමලිංගිකයන්ගෙන් බේරාගත යුතුයි – හිටපු ඇමති විජේදාස

colombotoday

දෙසැම්බර් හයවැනිදා යළිත් සුළි කුණාටුවක්..! විදෙස් අනාවැකි අනතුරු අගවයි…

colombotoday

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

colombotoday

හොරකමට අල්ල ගත් සිසුන්ගේ පරිගණකයක් තුළ ඔවුන්ගේම අසභ්‍ය දර්ශන

colombotoday

වැවෙන් වතුර බොන්න එන ගැබ්බර ඇතින්නක් වෙඩි තබා මරා දාලා

Admin