Colombo Today Local News

කබීර් හෂීම් එජාපසභාපතිවරයා පක්‌ෂයේ විනය කඩකරලා. ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් දෝස්‌ මුරයක්‌!

ඇමැති කබීර් හෂීම් මහතා එක්‌සත් ජාතික පක්‌ෂයේ සභාපතිවරයා ලෙසින් පක්‌ෂයේ විනය කඩකර ඇතැයි ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා චෝaදනා කර සිටියි.

 ඇමැතිවරයා මෙසේ චෝදනා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට එරෙහිව යැම සම්බන්ධයෙනි.

 කබීර් හෂීම් ඇමැතිවරයා යටතේ පවතින ඛනිජ තෙල් අමාත්‍යංශය ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතාට ලබාදෙන ලෙස අගමැතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කළ දැනුම් දීමට විරෝධය පාමින් කබීර් හෂීම් ඇමැතිවරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයි පවසා ඇති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා මෙය පක්‌ෂය පාවාදීමක්‌ යෑයිද සඳහන් කර තිබේ.

 මෙහිදී අදහස්‌ දක්‌වමින් ඇමැති කබීර් හෂීම් මහතා පවසා ඇත්තේ ඛනිජ තෙල් අමාත්‍යංශය තමාගෙන් ඉවත් කළහොත් ගැටලු මතුවන බවය.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

උතුරේ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි උතුරු පළාත් සභාවේ යෝජනා වෙයි

colombotoday

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

colombotoday

22 ප්‍රතිඵල දෙන්න වෙන්නේ නෑ

Admin

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday