Uncategorized

කඳුළු කතාවක මතක සටහන් …

වසර 14 කට පෙර මෙරට ජීවිත 30 000 ක් පමණ අහිමි කොට 2004.12.26 දින සුනාමි උදම් රළ දිවයිනට කඩා වැදුණි.ලාංකේය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුවූ බිහිසුණුම ස්වාභාවික ව්‍යවසනය එය විය.

ප්‍රථම උදම් රළ මාලාව පෙ.ව 9.30 ට පමණ පෑරළිය වෙරළ කලාපයට කඩා වැදුණු අතර මීටර් 30 ක් පමණ උස් වූ එම රළ මාලාවට දකුණු දුම් රිය මාර්ගයේ ගමන් ගත් දුම් රිය ගෝහුරු විය.ජීවිත 17 00 ක් පමණ එයින් නැති වූ බව සඳහන්ය.නමුදු යාළ ප්‍රදේශයට කඩා වැදුණු සුනාමි රළ නිසා කිසිඳු සතෙකුට හානි නොවූ බවක් වාර්තා නොවීය.

තවද මෙරට සිටි විචිත්‍ර ධර්ම පර්යේෂකයෙකු වූ පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමියන් සුනාමි විපතින් අපවත් වූ අතර එය මෙරට බොදු සමාජය සසල කළ සිදුවීමකි.

සුනාමි විපතින් පසු සිදුකළ විමර්ශනයෙන් හෙළි වූයේ ළමුන් 3954 කට තම මව හෝ පියා අහිමි වූ බවකි.

කෙසේ වුවද මහ පොළොවේ බිම් අඟලටත් මරාගන්නා මනුසතුන්ට සුනාමිය විසින් රිදෙන්නට පාඩමක් උගන්වන ලදී.සියාලු කර්මයන් සතර මහා භූතයන්ට යටත්ව ක්‍රියාත්මක වන බවත් සොබාදහමට සොබාදහමේ නිසිතැන ලබා දිය යුතු බවත් හඟවන ලදී.

බොහෝ අයට සුනාමි විපත අමතකය.එයින් දුන් පාඩමද අමතකය.
කෙසේ වෙතත් නැවත මෙවන් විපත් මේ මාතෘභූමිය තුළ සිදු නොවේවා !
සුනාමි විපතින් මියගිය සියල්ලන්ගේ ආත්ම සුවපත් වෙත්වා !
නිවනින් නිවෙත්වා !

___රවී ගුණවර්ධන___ 



Related posts

තැපැල් ඡන්දයට ලක්ෂ 7කට අධික පිරිසක්

Admin

රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නොවේ වෙනත් පාෂාණයක්ලු

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් අද ජනපති මන්දිරයේදී

colombotoday

දලඹු සේනාව ගැන මහින්දට සැකයක්…

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

මහ කන්නයේ වී මිලදී ගැනීම් ඇරඹෙයි

colombotoday