Colombo Today Local News

කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොට ඉන්දියාවට පවරාගන්න.. උතුරු සභාවෙන් උමතු ඉල්ලීමක්

ඉන්දීය රජය මගින් කන්කසන්තුරේ වරාය සහ පලාලි ගුවන්තොටුපළ පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බව උතුරු පළාත් සභාපති සී.වී.කේ. සිවඥනම් ප්‍රකාශ කර ඇත.

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් ලෙස කටයුතු කළ ඒ. නටරාජන් ධුරයෙන් සමුගැනීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ඔහු මේ බව කීවේය. තමිල් ඊළම පිහිටුවීම සඳහා ඉන්දියාව සහාය දැක්‌විය යුතු බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවේ යුතුකම වන්නේ තමිල් ඊළම වෙනුවෙන් කටයුතු කිරීම බව පැවසූ සිවඥනම් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ගේ මව ලෙස හඳුන්වන්නේ ඉන්දියාව බව කියා සිටියේය.

එසේම ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සහාය දක්‌වන ලෙස ඉල්ලා සිටින බවද සිවඥනම් පළකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

ඉරිදා මුළු දිවයිනටම ඇදිරි නීතිය යලිත් ක්‍රියාත්මකයි

colombotoday

යාපන සරසවි ගුරු, සිසුන් මියගිය කොටින් සමරයි.. යාපනේ කිළිනොච්චියේ අද හෙට මහ සැමරුම් !

colombotoday

හෙද වෘත්තීය සමිති වර්ජනයක

colombotoday

තෙල් වල කොමිස් එක යන්නේ කාටද මෙන්න පිළිතුර

Admin

විශේෂ ගුවන් යානයකින් නාවිකයන් පිරිසක් මත්තල සිට එංගලන්තයට

colombotoday