Colombo Today Local News

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නව පිරිසකට භාරදීමට 2030 වසරේදී සූදානම් බව එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේ දී පැවති එම පක්ෂ හැත්තෑ දෙවන සමුළුව අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

අලුත් තරුණ පරපුර ගොඩනැගිය යුතුයි.ඔවුන්ට රට බාරදිය යුතුයි.අණ්ඩුව මෙන්ම පක්ෂයෙන් අප ගොඩනගමු. පක්ෂයේ ඊළඟ නායක පරපුර දැන් ගොඩනගමින් සිටිනවා. 2025 වනතුරු මා සැලසුම් කරන්නම්. ඔවුන් 2030 දක්වා සැලසුම් කළ යුතුයි. අප දීර්ඝ කාලීන ගමනක් යා යුතුයි. අප සියලු දෙනාම ගම් මට්ටමට බැස පක්ෂය හදා ගනිමු යැයි අගමැතිවරයා කීය.

Related posts

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin

අලියාන්ස් රක්ෂණ සමාගම අසාදු ලේකනයට

colombotoday

ජනපතිගෙන් ඓතිහාසික චක්‍ර ලේඛයක්… මැති ඇමතිලාගේ පුද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට, රජයේ වැඩවලට ඇගිලි ගැසීම තහනම් !

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් හමුවෙයි

Admin

ඉන්දුනීසියාවේ බාලි සංගීත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් 27 ක්

Admin